මධුර ජවනිකා කුමටද?

තේමාව වශයෙන් ගත්කල “මධුර ජවනිකා” තුලින් මා කියන්නට බලාපොරොත්තු වෙන්නේ ජනතාවක් වශයෙන් අපි අපේ ඇතැම් දුර්මත ඉවත් කරගෙන, අනෝන්‍ය අවබෝධයක් ඇතිකරගෙන, සාමකාමීව ජීවත් වය යුතු බවයි. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නා, එනම් ලංකාරක්ෂකයා සමහරවිට ජාතික ආගමික හැඟීම් වලින් පිම්බුනු කෙනෙකි. ඔහු විදේශීය බලපෑම් වලට විරුද්ධය. රාවණා රජු දිනුවා නම් අපේ රට ලෝකයේ ප්‍රබලම රට වන්නට තිබුණු බව ඔහු විශ්වාස කරයි. රාවණාගේ පරාජයට හේතු වූ විභීෂණට ඔහු දොස් පවරයි. නමුත් එතැනට පැමිණෙන තාඹුගල ලෝකුරු නයිදේ නමැති ජනකවියා විභීෂණ කැළණි පුරවරය ගොඩනගා කළ ශ්‍රේෂ්ඨ ක්‍රියාව දක්වා ලංකාරක්ෂකගේ අදහස් සමනය කරයි.

අනුක්‍රමිකව දැක්වෙන්නේ ලංකාවට පැමිණෙන විවිධ විදේශීය බලපෑම්ය. සින්බෑඩ් ද සේලර් ගෙන් ආදි යෝනක බලපෑම්, කුවේණියගෙන් සිංහලයින්ගේ සම්ප්‍රාප්තිය, එළාරගෙන් ද්‍රවිඩ සංස්කෘතිය, පාහියන්ගෙන් මහායානික අදහස් හා දෙවොල් දෙවියන්ගෙන් යන්ත්‍ර මන්ත්‍ර ඇදහිලි එක්වන හැටි දැක්වේ. පරංගින් පැමිණීමෙන් පසු ලංකාව දෙකඩ වේ. දෙවෙනි රාජසිංහ රජු ඔවුන් වැල්ලවාය සටනින් පරාජය කරයි. ජාතිය හා ආගම බේරගන්නා මේ උදාර රජු, දෝන කත්‍රිනා නම් කතෝලික මාතාවකගේ පුත්‍රයා බව ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයන් රට අල්ලාගත් පසු වංශවතී නමැති දැරිය බිහිවෙයි. මේ දැරිය යා යුත්තේ මන්ද්‍රි දේවිය මෙන් වංකගිරියටද නැත්නම් ඉක්මන් මුදල් සොයන රට රුකියාවකටද?

මධුරජවනිකා” වේදිකාව මත සරසා ඇත්තේ ජන ගී, ජන නැටුම් හා ජන රංග ක්‍රම මගිනි. වර්ථමාන ජනප්‍රිය සංගීතයට ඇළුම් කරන්නන් මෙවැනි රංගනයකින් තෘප්තිමත් කල හැකිද?

දයානන්ද ගුණවර්ධන

(මධුර ජවනිකා කුමටද? - නවයුගය/1983 ජූලි 09)

From the preface of Dayananda Gunawardena’s “Madhura Javanika” book

I commenced scripting the ‘Madhura Javanika’ drama around the year 1979. This was the time I was attached to the Rupavahini Planning Unit. The incidents I experienced during the development of Sinhalese entertainment programmes while at the Planning Unit influenced me towards the development of ‘Madhura Javanika’.

The wave of cheap entertainment that was spreading in the form of musical programmes in keeping with the economic and technical trends of the west at the time, was beginning to have a bearing on the artists engaged in creative work. It was a time that many were concerned that the people, particularly the younger generation were losing their love for the country, race, and religion. It has become an extremely expensive exercise to be engaged in creative work and the returns to have become very limited.  Investment in cheap entertainment has become very profitable due to such entertainment becoming a cultural trend of the new-rich. It is no surprise that commercial and political patronage are received in abundance for cheap entertainment initiatives as such initiatives have the potential to draw large crowds. This is exactly the theme of ‘Madhura Javanika’. This is not a threat limited to today.  The threat of foreign influences will always remain. Our culture will continue to develop along with this constant battle.

I have used the popular musical show format to take this theme to the audience. The ‘Madhura Javanika’ recital is conducted by the Narrator. He is one who checks on people coming in from foreign lands. Those who come in the drama are singers, instrumentalists, and dancers. What they sing, play and dance are songs, tunes, and dances taken from our legends. They relate our culture. In addition, they talk about current issues that are confronted by the people in the country.

‘Madhura Javanika’ was penned as a performance of varied levels.  It is a drama that looks at our history.  In addition, it depicts the ideas and visions of the different religions and particularly provides a glimpse of the changes that have taken place in Buddhism.  It was my intention to give a glimpse to many incidents including the visits of foreigners the land and their influences, and about the development of the music scene through this drama ‘Madhura Javanika’. I have mostly looked into these incidents while giving prominence to the legends.

Dayananda Gunawardena (06-Nov-1984)